Monday 8th of December 2025

English Tamil
Advertiesment


ධවල මන්දිර නිල වෙබ් අඩවියේ සිදුවූ දෝෂයක්  ක්ෂණික නිවැරදි කෙරේ.


2025-07-15 1412

 

මහින්ද සමරසිංහගේ මැදිහත්වීම ළුල දරයි

 

 
(අශෝක ජයතුංග)

 

2025.07.09 වැනි බදාදා රාත්‍රියේ ධවල මන්දිරයේ නිල වෙබ් අඩවියේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් à¶§à·Š‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තීරු බදු සම්බන්ධයෙන් à¶´à·… à¶šà·… ලිපියක වැදගත් සිදුවීමක් වාර්තා විය. එම ලිපියේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම සඳහන් වී තිබුණේ "අරුණ කුමාර දිසානායක" ලෙස වැරදි ආකාරයටය. 

රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන්ට අනුව, රාජ්‍ය නායකයෙකුගේ නිවැරදි නම සඳහන් කිරීම මූලික ගෞරවනීය අංගයක් ලෙස සැලකෙතත් ධවල මන්දිරය විසින් à¶´à·Š‍රකාශයට à¶´à¶­à·Š කරන ලද නිල සන්නිවේදනයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම වැරදි ලෙස සටහන් වී තිබුණි.

මෙම දෝෂය මුලින්ම හඳුනා ගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් වන à¶…à¶­à¶» වැරැද්ද දුටු විගස, තානාපති සමරසිංහ මහතා වහාම ධවල මන්දිරය හා සම්බන්ධ වී, මෙවැනි දෝෂයක් බරපතළ රාජ්‍ය තාන්ත්‍රික වැරැද්දක් වනවා සේම එවැන්නක් රාජ්‍ය නායකයෙකුට සිදු විය හැකි අපහාසයක් à¶¶à·€ අවධාරණය කළේය.

වැදගත්ම සිදුවීම වන්නේ ධවල මන්දිර නිලධාරීන් නිහතමානීව වැරැද්ද à¶´à·’à·…à·’ ගෙන à¶šà·Šà·‚à¶«à·’à¶šà·€ à¶´à·Š‍රතිචාර දැක්වා à¶´à·Š‍රමාදයකින් තොරව එම වරද නිවැරදි කිරීමය.ජනාධිපතිවරයාගේ නිවැරදි නම සඳහන් කරමින් එම ලිපිය ධවල මන්දිර වෙබ් අඩවියේ නැවත à¶´à·Š‍රකාශයට à¶´à¶­à·Š කරන ලද à¶…à¶­à¶», නිල ලෙස නිවැරදි කරන ලද මුල් à¶´à·’à¶§à¶´à¶­à¶šà·Š තානාපති මහින්ද සමරසිංහ මහතාටද ලබා දෙන ලදී.

මෙම සිදුවීම ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයේ නිරවද්‍යතාවයේ සහ ගෞරවයේ වැදගත්කම අවධධාරණය කරන à¶…à¶­à¶», à¶šà·Šà·‚à¶«à·’à¶š නිවැරදි කිරීම ධවල මන්දිරයේ රාජ්‍ය තාන්ත්‍රික විනීතභාවය පවත්වා ගෙන යාමේ කැපවීම පිළිබිඹු කරයි.

මෙවැනි සිද්ධීන් සුළු කොට නොතකා මැදිහත්වී සිය රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් හරහා à¶šà·Š‍රියාත්මක වූ තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මැදිහත්වීම සෙසු තානාපතීන්ට ද ආදර්ශයක් à¶¶à·€ බොහෝ දෙනාගේ මතය වේ..
 

Advertiesment